නිහැඬියාව ගැන - About Me

My photo
'Echo of Silence' is a silent attempt where I'm trying to share my passion of writing as an independent writer. Feelings...everybody has the same, because we are Homo sapiens sapiens. Incedents...anytime in this world, it happens because it's the nature. What every writer does is packing those feelings and incidents into words and express them in a way rather than the way you see it in your everyday life...so do I. ජීවිතය කියන්නේ ඊළඟ තත්පරයෙදි කරන්න ඕන දේ වර්තමාන තත්පරයෙදි හිතන එක. පුදුමය කියන්නේ ඒ නොදන්න අනාගතය ගැන අපි හැමෝම අතීත තත්පරයෙදි තීරණය කරලා ඉවරයි. ඒ සිතුවිලි, තීරණ මොන විදිහට මගේ ජීවිතයට බලපෑවත්, සම්මත ලෝකේ අසම්මතව හිතන එක තමයි මගේ පුරුද්ද. නාහෙට අහන්නේ නැති ඒ සිතුවිලි සාගරයට තනියම පීනද්දි, මුණගැහෙන සහෘද ඔබත් එක්ක නිහඬ කතාබහක යෙදන්න කරන වෑයමක් මේ.

Thursday, December 23, 2010

පැතුමක් ඇත දෙවියනි මට...

ඉපදුණ දා මහ පාරේ
වීදිය ඔබ ගෙයක් කළා
ඉරයි හඳයි තිබුණා මට
මගෙ පිහිටට මේ ලෝකේ...
හීනෙන් මං අවදි උනේ
අම්මා දැක ගන්නයි
අම්මේ ඔබ නෑ හිටියේ
වීදියේ මගෙ පුංචි පැලේ...
කිරි දත් ටික හැලුනත් මගෙ
මව් කිරි නැහැ මට ලැබුනේ
දන්නේ මං එක ‍වදනයි
'අම්මේ' ඒ ඔබගේ නමයි...
රබන් ගැහුවේ සිංදු කිව්වේ
කීයක් හරි හොයා ගන්න
අම්මේ ඔබ දැක්කා නේද
තාර පාරේ ඇවිද්ද හැටි...
බත් පතකට හිඟමං යැද
ගිනි අව්වේ මං හිටියා
අම්මේ ඔබ මා දුටුවත්
මිනිසුන් නැත මා දුටුවේ...
නිදි යහනට යන්න කලිං
අහස දිහා බලන් හිටියා
නෙතින් වැටුණා කඳුළු බිංදු
අම්මේ ඔබ මතක් වෙලා...
හදවත තුළ පුංචි කොනක
පැතුමක් ඇත දෙවියනි මට
මැරෙන්න පෙර මොහොතක්වත්
මව් තුරුළට වෙලා ඉන්න...!


~blackpearl~

3 comments:

  1. මාර සතුටුයි උඹ මෙහෙම ලියන්න පටන් ගත්ත එක ගැන. දිගටම ලියමු. ජය වේවා!

    ReplyDelete
  2. කාලෙක ඉඳං ලිව්වා බං....ළඟඳි තමයි blog එකක් හදන්න හිතුනේ :)

    ReplyDelete
  3. උඹ බ්ලොග් එක දාපු එක ගැන තමයි මමත් කියන්නේ. මගේ කොමන්ට් එකේ පොඩි පින්ටින් බිස්කට් එකක්. :D

    ReplyDelete